රත්ගම පොල අසල ඇති ගෑස් අලෙවි කිරීමේ මධ්‍යස්ථානය අසල අද උණුසුම්කාරී තත්වයක් ඇති විය.
ඊයේ රාත්‍රියේ සිට තමන් රැඳී සිටියත් මේ වනතෙක් තමන්ට ගෑස් නොලැබුණු බවයි ජනතාව පවසන්නේ.
ඒ හේතුවෙන් පාර හරස් කරමින් ජනතාව විරෝධතාවයේ යෙදුණු අතර තත්වය සමනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබුණා.
කෙසේ වෙතත් සිකුරාදා දිනය වන විට ගෑස් ලබාදෙන බවට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොරොන්දු වීමෙන් අනතුරුව එම පිරිස මාර්ගයෙන් ඉවත් වනු ලැබුවා.