වත්මන් රජය මැතිවරණ කාලයේදී පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පැමිණි නමුත් දැන්, අර්බුදය මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බවට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එමෙන්ම වත්මන් ආණ්ඩුව IMF සමඟ කොන්දේසි දැන නොසිටි බවටද පවසන බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.
නමුත් ආණ්ඩුව බලයට පැමිණියේ එම ගැටලු සියල්ලම දැනගෙන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, ආණ්ඩුවට දැන් ඇත්තේ දුන් පොරොන්දු සම්බන්ධයෙන් තවදුරටත් බොරු ප්‍රකාශ කිරීමෙන් වැළකී, බැරි නම් ‘බැහැ’’ යැයි ප්‍රකාශ කිරීම බවයි.