27.9 C
Colombo
Thursday, April 10, 2025

වරද කළා නම් වරද පිළිගන්න, අපි සමාව දෙන්න සූදානම්- කාදිනල් හිමි

- Advertisement -

පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීමට සම්බන්ධ වූ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ ඊයේ (08) පැවති දේව මෙහෙයකට එක්වෙමින් අගරදගුරුතුමා මේ බව සඳහන් කළා.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදී තවදුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට යම් යම් කරුණු හෙළිදරව් වී ඇති අතර ඒ අනුව යම් අදිසි හස්තයක් ඒ තුළ ක්‍රියාත්මක වූ බව දැන් පැහැදිලි වන බවයි.

“මේ කරුණු හෙළිදරව් වෙනකොට සමහර අයට තරහා යනව ඇති. එයාලගෙ නම් කියවෙනවා මේ කාරණාවේදි. එයාල ඒවට සම්බන්ධ නැත්තම් එයාල බය වෙන්න ඕන නෑ. නමුත් එක එක චේතනා පසු පස තියාගෙන අපිට බෑ මිනී මරන්න”

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පිළිගත හැකි අන්දමේ පරීක්ෂණයක් සිදු කර සත්‍යතාව හෙළිදරව් කිරීම රටේ නායකයන්ගේ වගකීම බවද එතුමා මෙහිදී අවධාරණය කළා.

අගරදගුරුතුමා වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීමට සම්බන්ධ පිරිස්  අදාළ වරද කළ බවට පිළිගන්නේ නම් ඔවුන්ට සමාව දීමට සූදානම් බවයි.  

“තමන් වරදක් කළා නම් ඒක හොයාගන්න ඉඩ දෙන්න. වරද කළා නම් වරද පිළිගන්න අපි සමාව දෙන්න සූදානම්. අපිට ඕනෑ කරන්නෙ ඇත්තටම මොනවද වුනේ කියන එක සොයාගන්න. ඇත්ත එළියට ආවට පස්සෙ ඒවට සම්බන්ධ අය ඇත්ත පිළිගන්න පිට කොන්ද තියාගෙන. පිළිඅරගෙන එයින් වරද වෙච්ච අයගෙන් සමාව ලබා ගන්න.”

RECENT ARTICLES - SINHALA

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

දේශබන්දු අද යළි අධිකරණයට

වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට...

බටලන්ද වාර්තාව ගැන විවාදය අද

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ...

POPULAR ARTICLES