28.3 C
Colombo
Friday, December 20, 2024

වැඩි මිලට බිත්තර විකුණුවොත් මාස 6ක් හිරේ..!

- Advertisement -

රජය බිත්තර සඳහා පනවා ඇති උපරිම පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 50 ක උපරිම දඩයක් නියම කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එලෙස බිත්තර අලෙවි කරන සමාගමකට රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා උපරිම දඩයක් හිමිවන අතර, වෙළඳසැලකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා දඩ මුදලක් අය කෙරෙන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත් වී තිබෙනවා. ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව එහි පළමු ස්ථානයේ සිටින්නේ ලෙබනනයයි.

සිබ්බාබ්වේ දෙවන ස්ථානයත් තුන්වන ස්ථානය වෙනිසියුලාවත් හතරවන ස්ථානයට තුර්කියත් පත්ව තිබෙනවා.

ලෝක බැංකුව විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා සිදුකරන ලද සමීක්ෂණයකට අනුවයි.

RECENT ARTICLES - SINHALA

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. වර්ගමීටර් 62000 පමණ...

රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය

ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ...

අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් මාට්ටු

ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ දී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සඳහා පැමිණි සුඛෝභෝගී මෝටර් රථයට අන්සතු වාහනයක ලියාපදිංචි අංක තහඩු ලබා ගැනීම සඳහා ව්‍යාජ...

POPULAR ARTICLES