30 C
Colombo
Friday, October 25, 2024

පැරදුනානම් කොනිත්තන්න එන්න එපා – අනුර

- Advertisement -

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය මේ වන විට අවධානය යොමු කර ඇති බවත් ජනාධිපතිවරණය පැරදුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා මැදිහත් නොවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පුත්තලමේදී ඊයේ (24) පැවති ජන රැළියක් අමතමින්, අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියා.

ඒ,මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇති බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්.

විවිධ ක්ෂේත්‍ර සඳහා මුදල් වෙන් කිරීම අයවැය ලේඛනයකින් හෝ පසුව ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුමක් හරහා සිදුවන බවත් තමා රාජ්‍ය සේවක වැටුප් සඳහා මුදල් වෙන් කළ බවට රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කරන ප්‍රකාශ නිවැරදි නොවන බවත් අනුර කුමාර දිසානයක මහතා මෙහිදී සඳහන් කළා.

“ හිටපු ජනාධිපතිවරයා කියනවා ඔහු සල්ලි වෙන් කළා කියලා, හැබැයි කොතනකවත් එහෙම සල්ලි වෙන් කරලා නැහැ. තැපැල් ඡන්දෙ තිබුණෙ සැප්තැම්බර් මාසේ, 4,5,6..තුන් වෙනිදා කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් කිව්ව පඩි වැඩි කරනවා කියලා, හැබැයි සල්ලි වෙන් කරලා තිබුණේ නැහැ. හැබැයි වර්තමාන ආණ්ඩුව එළඹෙන මැතිවරණයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන අපි අවධානය යොමු කරලා තියෙන්නේ, දැන් පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න, එක එක කොනිත්තන වැඩ නොකර ඉන්න”

නව රජය මාස තුනෙන් වැටෙයි හයෙන් වැටෙයි යනුවෙන් අදහස් පළ කරත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කිසිවෙකුට පළවා හැරිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයෙජ් පත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර මතභේදාත්මක තත්වයක් හට ගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...