31 C
Colombo
Friday, October 18, 2024

සයිබර් නීති අවභාවිතා කරන බවට පකිස්තාන පොලිසියට අධිකරණගෙන් දොස්

- Advertisement -

සයිබර් ක්ෂේත්‍රයට අදාළව පවතින නීති අවභාවිතා කර ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරමින් අනවශ්‍ය ගැටලු නිර්මාණය නොකරන්නැයි පකිස්තානයේ ඉස්ලාමාබාද් අධිකරණය එරට පොලිසියට අවවාද කොට තිබේ.

පකිස්තාන ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ සයිබර් අපරාධ ඒකකයේ ප්‍රධානියා වෙත ඉස්ලාමාබාද් මහාධිකරණයේ අගවිනිසුරු අතාර් මින්අල්ලා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි නීති අවභාවිතා කිරීම හරහා පොලිසිය සමාජය තුළ ත්‍රස්තවාදයක් නිර්මාණය කරන බවයි.

බිලාල් ගවූරි, අසාද් තූර් ඇතුලු පකිස්තාන ජනමාධ්‍යවේදීන් පිරිසක් විසින් පොලිසියට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය මේ බව ප්‍රකාශ කර තිබිණ.

කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව හුදු පැමිණිලි කිහිපයක් මත සයිබර් නීතියට අදාළ වැරදි කළ බව පවසමින් පොලිසිය මෙම ජනමාධ්‍යවේදීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණ.

සයිබර් නීති යොදාගෙන ජනමාධ්‍යවේදීන්ගේ සහ ජනතාවගේ විසම්මුතික අදහස් අනවශ්‍ය ලෙස පාලනය කිරීමට පකිස්තාන බලධාරීන් කටයුතු කරන බවට එරට ක්‍රියාකාරිකයෝ දිගින් දිගටම චෝදනා කරති.

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...