28 C
Colombo
Saturday, September 14, 2024

පාස්පෝට් ප්‍රමාදයට මට සමාවෙන්න – අලි සබ්රි (වීඩියෝ)

- Advertisement -

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පවසනවා.

විදේශ  ගමන් බලපත්‍ර ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට මහජනතාව දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.

ඒ අනුව දින ගණනාවක් පෝලිම්වල රැදී සිටිමින් අපාදුක් විදින ජනතාව වත්මන් ආණ්ඩුවට දැඩිව දෝෂාරෝපනය කරන අයුරු දක්නට ලැබුණා.

පෝලිම් යුගය අවසන් කළ බව දක්වමින් ජනාධිපතිවරයා ප්‍රචාරණ කටයුතු සිදුකළද තවමත් ඇස්පනාපිට පෝලිම් දක්නට ලැබීම විශේෂත්වයක්.

මේ අතර,  ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ අද (28) සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 1,000 බැගින් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ දින ගණනාවක සිට පිරිස් රැඳී සිට තිබුණා.

ඒ අතරින් බොහෝදෙනා ඊයේ රාත්‍රියද එම ස්ථානයේම පහන් කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර  දින ගණනාවක මෙලෙස රැඳී සිටින පිරිස් වෙත ටෝකන් පත් ලබාදීමට පියවර ගැනුණා.

RECENT ARTICLES - SINHALA

සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දින වලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර...

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට දඩයක් වැඩ වරදින ලකුණු

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරනවා. යම් සේවා යෝජකයකු මේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...