31 C
Colombo
Saturday, December 14, 2024

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

- Advertisement -

පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.

නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වුණා.

ඒ දක්ෂතා හේතුවෙන් ඉමාඩ් වසීම් නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසියා.

ඒ අනුව, ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයට ද ක්‍රීඩා කළා.

නමුත් මෙවර විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

ඉමාඩ් වසීම් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු පාකිස්තාන වෙනුවෙන් දවාගනෙ ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117ක්.

ඊයේ දිනයේදී ඉමාඩ් වසීම් සඳහන් කළේ දෙවන වරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.

නමුත් ඉමාඩ් වසීම් තවදුරටත් දේශිය තරග සහ ලීග් තරග ක්‍රීඩා කරන බවත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදීන්ටත් පැන්ෂන් එකක්

ඉදිරි අයවැය තුළින් මාධ්‍යවේදීන් සඳහා විශ්‍රාම වැටුපක් හා රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, ජනමාධ්‍යවේදීන් අව්ව වැස්ස...

යතුරුපැදි අනතුරකින් අයෙකු මරුට

අංක තහඩු නොමැති යතුරුපැදියක් පැදවූ පුද්ගලයෙකු බෝකුන්දර - නිවන්තිඩිය ප්‍රදේශයේදී ලොරියක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ, වේරහැර ගංගාරාම කහටගහවත්ත ප්‍රදේශයේ...

වාහනයක් නීත්‍යානුකූලව ගෙන්නුවාදැයි හොයන්න ක්‍රමයක්

යම් කිසි වාහනයක් නීත්‍යානුකූලව ආනයනය කර ඇත්දැයි මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදයක් ඔස්සේ දැනගැනීමේ අවස්ථාව තිබෙන බව අල්ලස් හෝ දූශණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව...

POPULAR ARTICLES