සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමට සහ ආර්ථික අයිතිවාසිකම් ඉදිරියට ගෙන යෑමට ගනු ලබන කඩිනම් පියවර ඔස්සේ රටේ වඩාත් අවදානමට ලක්විය හැකි ජන කොටස්වලට සිදුවන හානිය අවම කිරීමට පාකිස්ථානය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) එක්ව කාටයුතු කළයුතු බව හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය අවධාරණය කරයි.
දරිද්‍රතාවය, උද්ධමනය සහ විරැකියාව ඉහළ යාමත් සමඟ, පාකිස්තානය සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටී.
මෙම තත්වය සලකා බලමින් සෞඛ්‍ය, ආහාර සහ ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සඳහා අරගල කරන පාකිස්ථාන ජනතාව වෙනුවෙන් විශේෂ වාර්තාවක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් මේ බව පෙන්වාදී ඇත.
IMF සමඟ පකිස්තානය මේ වන විට සාකච්ඡා කරමින් සිටින්නේ ඩොලර් බිලියන 1.1ක කඩිනම් ණය සහනයක කොටසක් ලබාගැනීම වෙනුවෙනි.
පාකිස්ථානය සතුව මේ මොහොතේ පවතින්නේ ඩොලර් බිලියන 4කට ආසන්න විදේශ සංචිතයක් පමණකි. එම මුදල සති දෙකක කාලයක් සඳහා පමණක් රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රමාණවත් වේ.