26.9 C
Colombo
Wednesday, November 27, 2024

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියා දුන් ඇගයීම

- Advertisement -

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

එමඟින් ණය තිරසරබව ඇතිකර ගැනීම, වඩාත් පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම මෙන්ම, ආර්ථිකය වඩාත් හොඳින් පාලනය සහ විනිවිඳබව ඇතිකරගැනීමට සැලසුම් කර තිබෙනවා.

2023 මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළා.

මාස 48ක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මකයි.

එසේම මෙරට බලධාරීන් මාස ගණනක් ප්‍රගතිශීලී සාකච්ඡාවලින් අනතුරුව බැඳුම්කරහිමියන් සමග ඇතිකරගත් එකඟතාවයද IMF ප්‍රධානියාගේ පැසසුමට ලක්වී තිබුණා.

“ණය ක්‍රියාවලිය, ණයහිමියන්ගේ වැඩි සහභාගීත්වයකින් ඉක්මණින් අවසන් කර ගැනීම එම වැඩසටහනේ සාර්ථකත්වයට වැදගත් වෙයි. ඒ හා සමානව ඉතිරිව ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා අවසන්කර ගැනීමට බලධාරීන් කටයුතු කරමින් පවතියි. මෙම සාමුහික ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ සාර්ථකත්වයට වැදගත් වෙයි.ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යමින් ආර්ථිකය තිරසාර සහ ඉහළ වර්ධනයක පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ කැපවීම පෙන්වා තිබේ.”

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, “ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොවෙනස්වන සහායකයෙක් ලෙස ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට උදව් කරනවා,”

RECENT ARTICLES - SINHALA

සේවා දායකයෙක් නැති නඩුවක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

හිටපු ඇමතිලා 04ක් CIDයට කැඳවයි

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන්...

විජේදාස CID එයි

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒමට දුන් කැබිනට් මණ්ඩල...

POPULAR ARTICLES

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හා කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීමේ ව්‍යාජ චෝදනාව සම්බන්ධයෙන්...

සේවා දායකයෙක් නැති නඩුවක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

හිටපු ඇමතිලා 04ක් CIDයට කැඳවයි

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන්...