කවියකු හා ගුරුවරයකු වන අහ්නාෆ් ජසීම් තරුණ ලේඛකයා විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද “නවරසම්” නම් කාව්‍ය සංග්‍රහයෙන් ආගමික අන්තවාදයට රුකුල් දී ඇතැයි චෝදනා කරමින් ත්‍රස්ත මර්දන පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන දැනට වසරක පමණ කාලයක් ගත වී ඇත.
ශ්‍රී ලාංකිකයකු වශයෙන් අහ්නාෆ් ජසීම්ටද සෙසු පුරවැසියන්ට මෙන්ම භාෂණයේ හා ලේඛනයේ නිරත වීමට අයිතියක් ඇති බවත් එම අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 හා 14 දරන වගන්තිවලින් තහවුරු කැරෙන මූලික අයිතියක් බවත් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා ලේඛක සංවිධානය විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
වසරක පමණ කාලයක් පුරා සැකකරුවකු ලෙස ඔහු මෙසේ අත්අඩංගුවේ තබාගැනීම මගින් තරුණ ලේඛකයකු වශයෙන් මෙන්ම පුරවැසියකු වශයෙන්ද ඔහුගේ ජීවිතයට සිදුවන අනර්ථය සුඵපටු නොවන බව තරයේ ප්‍රකාශ කරන බවත් තම නිර්දෝෂීභාවය අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට ඔහුට අවස්ථාවක් හිමි විය යුතු අතර එය දිගින් දිගටම කල් යන්නේනම් ඉන් ඔහුට බලවත් අයුක්තියක් සිදු වන බවත් ඔවුන් අවධාරණය කරනවා.
