29 C
Colombo
Thursday, January 23, 2025

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට

- Advertisement -

රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ වරදට අත්අඩංගුවට ගන්නා ලද පැමිණිලිකරු, වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් සැකකරු මෙම අල්ලස් මුදල ගෙන ඇති බව සඳහන් වනවා.

සැකකරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ආගමන විගමන බලයලත් නිලධාරීයෙක් බව පැවසෙනවා.

සැකකරුව පසුගිය 20 වනදා පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය තුල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුව උණුසුම් කළ මාදිවෙල වාහනේ

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන් බව පැවසුවද කිහිපදෙනෙකු රජයේ වාහන භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කරනවා. අද (23) පාර්ලිමේන්තුවේ දී...

ඊ ටිකට් වංචාවට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දුම්රිය ඊ ටිකට් පත් චංවාව...

නුවර – කොළඹ මාර්ගයේ යන අයට දැනුම්දීමක්

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පෙරහැර හෙට...

POPULAR ARTICLES

තායිලන්තයේ සමලිංගික විවාහ නීතිය ක්‍රියාත්මකයි

දකුණු ආසියානු රටක් ලෙස තායිලන්තය අද (23) සිට සමලිංගික විවාහ නීතිය පිළිගෙන තිබෙනවා. මෙම නව නීතිය පසුගිය වසරේ සම්මත කර ඇති අතර එම විවාහ නීතිය...