24 C
Colombo
Friday, November 15, 2024

ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියූලීන්: ලිපිගොනු කැඳවයි

- Advertisement -

පාර්ලිමේන්තුව, කැබිනට් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයකින් ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියූලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් අවශ්‍ය තොගයක් අදාළ ගනුදෙනුව ගැන විමර්ශනය කරන කණ්ඩායම් විසින් ඉල්ලා තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශට අදාළව එම ලිපිගොනු ඒ ඒ ආයතනවලින් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව, කැබිනට් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන ආයතනවලින් ලිපිගොනු ඉල්ලා තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මේ වනවිට අවශ්‍ය ලිපිගොනු තොගයෙන් 90% ක් පමණ විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇති බවයි.

මෙතෙක් නොලැබුණු ලිපිගොනු කඩිනමින් ලබා දෙන්නැයි ද අදාළ ආයතන වෙත දැනුම් දී ඇති බව, එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සියලු ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් පසු ඉදිරි විමර්ශන වෙත කණ්ඩායම් යොමු වනු ඇති අතර අවශ්‍ය වුවහොත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් යළි ප්‍රකාශ ලබා ගන්නා බව ද නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියූලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන්, විමර්ශන ක්‍රියාත්මක වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මක වනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මෙන්න

කොළඹ  දිස්ත්‍රික්කයේ බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,318සමගි ජන බලවේගය - 9,246නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 1,654ශ්‍රී...

ගාල්ල – කරන්දෙණිය නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 35,787සමගි ජන බලවේගය - 6,649ශ්‍රී...

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

POPULAR ARTICLES