31 C
Colombo
Wednesday, September 18, 2024

වාහන ආනයනය අදියර කිහිපයකින්

- Advertisement -

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර ලැබෙනු ඇති.

වානිජ සහ භාණ්ඩ ප්‍රවාහන ,වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිටයි.

ඊට අමතරව මෝටර් රථ එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ආනයනය කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වනවා.

කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද හේතුවෙන් 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා.

අනතුරුව ඇතිවූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් එම තහනම/සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට මෙරට බලධාරීන් විසින් තීරණය කරනු ලැබුවා.

එසේම භාන්ඩ වර්ග 2,000කට වැඩි ප්‍රමාණයක ආනයන නවතා දමා තිබූ අතර වරින් වර එම සීමාවන් ඉවත් කළා..

RECENT ARTICLES - SINHALA

මහින්ද දැන්වත් කියන්න ඕන ‘කොල්ලෝ අයින් වෙයන් කියලා’ – දොඩම්පහල රාහුල හිමි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා...

මගේ මානව හිමිකම් කඩවෙලා – ජනපති අපේක්ෂකයෙකුගෙන් පැමිණිල්ලක්

මැතිවරණ කොමිසමේ හම්බන්තොට සහකාර කොමසාරිස්වරයා අපේක්ෂකයකු වන තමාගේ පස්සෙන් පැන්නීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් පවසමින් ජනාධිපති අපේක්ෂකයෙකු වන ප්‍රේමසිරි මානගේ මහතා පොලීසියට පැමිණිල්ලක්...

නුවරඑළියේ භෝජන සංග්‍රහයක් මැතිවරණ නිලධාරීන් නවතයි

2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් (17) දින රාත්‍රියේ සංවිධානය කර තිබූ රැස්වීමකින් පසු පැවැත්වීමට නියමිතව තිබු රාත්‍රී භෝජන සංග්‍රහයක්...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...