ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.
එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් මහතා වෙත අද (26) දිනයේදී දැනුම්දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බවයි.
