28 C
Colombo
Saturday, September 21, 2024

මාව මරාදැමීමට සැලසුම් කළේ හිටපු හමුදා ප්‍රධානියා – ඉම්රාන්ගෙන් චෝදනා

- Advertisement -

තමාව ඝාතනය කර රටේ හදිසි නීතිය පැනවීමට සැලසුම් කරන ලද්දේ හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා බව පාකිස්තානයේ හිටපු අගමැති සහ පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රධානී ඉම්රාන් ඛාන් චෝදනා කරයි.

ඩෝන් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට, වසිරාබාද්හිදී තමා ඝාතනය කිරීම සඳහා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් හෙළිදරව් කිරීම් ඉදිරියේදී සිදුකරන බව ඉම්රාන් ඛාන් පවසා තිබේ.

හිටපු හමුදාපතිවරයා විශ්‍රාම ගොස් ඇති බැවින් ඔහුට එරෙහිව චෝදනා එල්ල කිරීම නවත්වන්නැයි බොහෝ දෙනා තමාට පවසන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

නමුත් ඔහුට හිටපු හමුදාපතිවරයා කළ අපරාධ වසන් කිරීමට නොහැකි බවද හෙතෙම පෙන්වාදී තිබේ.

මේ අතර තමාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ පසු රට පුරා සංචාරය කරන බවද හිටපු අගමැතිවරයා මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතන තැත සම්බන්ධයෙන් විමර්ශනය කරන පාකිස්තාන ඒකාබද්ධ විමර්ශන කණ්ඩායම, අදාළ වෙඩි තැබීම විවිධ ස්ථාන තුනකින් සිදු කර ඇති බව සොයා ගත් බව ඩෝන් වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

Breaking: රජයෙන් හදිසියේම විශේෂ නිවාඩු දිනයක්

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්,...

ආරක්ෂාව ගැන පොලීසියෙන් දැනුම්දීමක්

ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. අද (21) පස්වරු 4ට ඡන්දය...

ගණේමුල්ල සංජීව හිරගෙදර යකා නටලා

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ගණේමුල්ල සංජීවගේ සිර මැදිරිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා. එහිදී ගණේමුල්ල සංජීව...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...