26 C
Colombo
Wednesday, March 19, 2025

ඉම්තියාස් සජබ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

- Advertisement -

ඉම්තීයාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ වන විට ඔහු සිය ඉල්ල අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කර ඇති  අතර එම  ලිපියෙහි පිටපත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා.

ඉම්තීයාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයට පත් කරනු ලැබූයේ මීට මාස 6කට පෙරයි.

පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් අදාළ තනතුරෙන් ඉම්තීයාස් බාකීර් මාකර් මෙලෙස ඉල්ලා අස්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේදී  පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් නිකුත් කර ඉම්තීයාස් බාකීර් මාකර් මහතා ඉල්ලීම් කර තිබුණේ, නායකත්වය හා බිම් මට්ටම අතර නිවැරැදි සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරනා ලෙසයි.

නිර්දේශ 12ක් සහිතව සහිත එම ලිපිය මඟින්, දරන්නා වූ මතවාදය ගැන එක ස්ථාවරයකට පැමිණ කණ්ඩායමක් ලෙස, ඉහළ සිට පහළ දක්වා ක්‍රියාකාරිකයන් එක හඩකින් කතා කිරීමට පෙළගස්වා ගනිමින් පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බව ඔහු අවධාරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා. අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය...

නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටයි. අයිස්...

වැලිකන්ද හිටපු OIC අල්ලන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද (18) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES