24 C
Colombo
Sunday, January 5, 2025

බංග්ලාදේශය වෙනුවෙන් අමෙරිකාව ඉදිරියට එයි

- Advertisement -

1971 වසරේදී වාර්ගික බංග්ලාදේශ වැසියන්ට හා එරට සිටි හින්දු වැසියන්ට එරෙහිව පකිස්තාන හමුදාව සිදු කළ අපරාධ ජනසංහාරයක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බව හදුන්වාදෙමින් අමෙරිකානු නීතිසම්පාදකයින් දෙදෙනෙකු විසින් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබේ.

පකිස්තාන හමුදාව විසින් බංග්ලාදේශයේ නිරායුද සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම මිනිස් සංහාරයක් ලෙස ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමේ මූලික සංවර්ධන පියවරක් ලෙස එය සැලකිය හැකි බව ඩකා විශ්ව විද්‍යාලයේ ජනසංහාර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඉමිතියාස් අහමඩ් පෙන්වා දෙයි.

යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකානු නීති සම්පාදකයින් දෙදෙනෙකු වන Steve Chabot සහ Ro kahanna විසින්.

අදාළ යෝජනාව අමෙරිකානු සෙනට් මණ්ඩලය හමුවේ සම්මත වී ඒ සදහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතියද හිමිවුව හොත් බංග්ලාදේශයට 1971 ජනසංහාරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පිළිගැනීමක් අපේක්ෂා කළ හැකි බව මහාචාර්ය ඉමිතියාස් පෙන්වා දී ඇත.

මිලියන ගණනක් සමූල ඝාතනය කළ අදාල සිදුවීම කාලයෙන් වැසීගොස් මැකී යාමට ඉඩ නොදිය යුතු බව ද අමෙරිකානු නීති සම්පාදකයින් දෙපළ තරයේ අවධාරණය කර ඇත.

එවැනි අපරාධ සදාකාලිකව නොඉවසනු ඇති බව හෝ අමතකව නොයන බව අපරාධකරුවන් දැන ගත යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.

එමගින් පකිස්තානය රජයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරිපත් වී ඇති සාක්ෂි හමුවේ එවැනි සංහාරයක භූමිකාව පිළිගන්නා ලෙස හා බංග්ලාදේශ රජයෙන් හා ජනතාවගෙන් සමාව අයැද සිටීම පිළිබඳ සලකා බලන ලෙසයි.

එමෙන්ම තවමත් ජීවත්ව සිටින වරදකරුවන්ට අදාළව නඩු විභාග පවත්වන ලෙස ද අමෙරිකාව පකිස්තානයට අවධාරණය කර තිබේ.

පකිස්ථානයේ එවැනි කුරිරු ක්‍රියාකාරකම් බෙංගාලි සහ හින්දු ජන කොට්ඨාශ වෙත එල්ල වූ මනුෂ්‍යත්වයට එරෙහි යුධ අපරාධ සහ සමූල ඝාතන බව ද අමෙරිකාව පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES