යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් සහ මඩකලපු විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් මඩකලපුව ශාන්තිවේලි පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ශාන්තිවේලි පොලිස් ස්ථානයේ ඉහළ පොලිස් නිලධාරියෙකු පවසනවා.
ඒ මයිලත්තමඩු ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ ඉඩම් බලහත්කාරයෙන් හේන් ගොවීන් පිරිසක් අල්ලාගැනීමට එරෙහිව පැවති විරෝධතාවකදී.
සිද්ධිය ඇසින් දුටුවන් චෝදනා කළේ පොලිසිය විසින් මෙම සිසුන්ට පහරදුන් බවයි.
කෙසේනමුත් පොලීසිය එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.
මෙම සිසුන් ‘නීතිවිරෝධී පාගමනක’ නිරත වූ බවත් ජාතික මංමාවත් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන්.
සිසුන් මාර්ගය හරස් නොකළ බවත්, දින 50කට වැඩි කාලයක් තිස්සේ පවතින කිරි ගොවීන්ගේ සත්‍යග්‍රහයට සහාය දැක්වීම පමණක් කළ බවත්, ඇතැම් සිසුන් සිටියේ ගොවීන් සමඟ හිඳගෙන බව සිදුවීම ඇසින් දුටුවන් පවසනවා.