30 C
Colombo
Tuesday, September 24, 2024

කොට්ටාවේදි දුම්රිය එන්ජිමක් තනියෙම ගිහින්

- Advertisement -

කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක එන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරිවලින් වෙන් වී ඉදිරියට ධාවනය වී තිබෙනවා.

කොස්ගම වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් මගීන්ගෙන් පිරී තිබූ අවස්ථාවේ දී එක්වරම දුම්රිය එන්ජිම වෙන්ව යාමත් සමග ඇති වූ තත්ත්වය නිසා මගීන් දැඩි ලෙස කලබලයට පත් වූ බව වාර්තා වනවා.

මේ හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වී තමන් දැඩි අපහසුතාවට පත් වූ බවටයි මගීන් චෝදනා කරන්නේ.

අනතුරුව, දුම්රිය රියදුරු සහ එහි සහායක එක්ව යළිත් දුම්රිය එන්ජිම දුම්රිය මැදිරි දක්වා පසුපසට ධාවනය කර එකට සම්බන්ධ කිරීමෙන් පසු යළි කොළඹ කොටුව දක්වා ධාවනය කර තිබෙනවා.

මේ ආකාරයෙන් දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි වෙන් වූ ප්‍රදේශය තැනිතලා ප්‍රදේශයක් බවත්, මේ ආකාරයෙන්ම මෙම ස්ථානයේ දී මෙයට පෙර ද දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි ගැල වී ගොස් තිබූ බව ද කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සිදු කරන මගීන් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අලුත් අගමැති මෙන්න

නව රජයේ අගමැති ලෙස හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව, මෙරට 09 වැනි විධායක ජනාධිපති ලෙස තෙරි පත් වූ...

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පැනලා

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරියක් පීලි පැන තිබෙනවා. 1596 දරන බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මගී...

බස්නාහිර පළාත් ආණ්ඩුකාරයත් ඉල්ලා අස්වෙලා

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා ඉල්ලා අස්වෙන බව දැනුම්දී තිබුණා. 2020.03.25...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට...