සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) දිනයේ සිදුවූ බවට තහවුරු කරන ලද කොවිඩ් මරණ 50 ක් පිළිබදව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව වයස අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 12 ක් සිදුව ඇති අතර ඉන් 8 දෙනක් පුරුෂයින් හා 4 දෙනෙක් කාන්තාවන් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වයස අවුරුදු 60 ට වැඩි මරණ 38 ක් වාර්තා වී ඇති අතර ඉන් 29 ක් පුරුෂයින් වන අතර 21 දෙනෙක් කාන්තාවන් වනවා.
කෙසේ වෙතත් අදාළ වාර්තාවේ මේ වන විට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබදව සදහන් කර නොමැතිවීමද විශේෂත්වයක්.
