28.4 C
Colombo
Saturday, April 12, 2025

ශ්‍රී ලංකා රජය පවුල් සමාගමක් වෙලා – නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත

- Advertisement -

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත් වීමෙන් පසු රාජපක්ෂ පවුල සමාගමක් ලෙස වර්ධනය වෙමින් පවතින්නේ යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබෙනවා.

2015 දී ජනාධිපතිවරණය පරාජයට පත් වීමෙන් පසු 2018 වර්ෂයේ දී නීත්‍යානුකූල නොවන අයුරින් පාර්ලිමේන්තු බලය කෙටි කලකට ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් වසරකට පසු ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බවත් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ පෙන්වා දෙනවා.

ඉන්පසු රාජපක්ෂවරු ඔවුන්ගේ නාමය කිසිසේත් ගලවාගත නොහැකි ආකාරයෙන් සටහන් කරගනිමින් වත්මන් රජය පවුලේ ව්‍යාපාරයක් කරගෙන ඇතැයි ප්‍රමුඛ පෙළේ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන නිව්යෝර්ක් ටයිම්ස් පවසනවා.

පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන්ගේ තවත් සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් අතර එය රාජපක්ෂ පවුල් පාලනය තහවුරු කිරීමක් ලෙස විශ්ලේෂකයන් හඳුන්වා දෙන බව පුවත්පත වාර්තා කර තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ කරුණු පහත පරිදි වෙයි.

72 හැවිරිදි ගෝඨාභය රාරාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධුරය ඔහු යටතට පත් විය.

75 හැවිරිදි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළ ඔහු ආගමික කටයුතු හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ භාරව කටයුතු කළේය.

බැසිල් රාජප්ක්ෂ මහතා වෙත පැවරීමට පෙර ඔහු මුදල් ඇමතිවරයාද විය.

වැඩිමහල් සහෝදරයා වන 78 හැවිරිදි චමල් රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍යවරයා මෙන්ම ස්වදේශ කටයුතු හා ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස නම් කරන ලදී.

එයින් ද නොනැවතී දෙවන පරම්පරාව ද පාලනයට හවුල් වී තිබේ.

අගමැති මහින්දගේ පුත්‍රයා වන ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු වන නාමල් රාජපක්ෂ (35) තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නම් කරන ලදී.

ඔහු ඩිජිටල් තාක්‍ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ද වේ.

චමල්ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ “වී සහ ධාන්‍ය වර්ග, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු සහ අර්තාපල්, බීජ නිෂ්පාදනය සහ අධි තාක්‍ෂණික කෘෂිකර්මාන්තය” සඳහා රාජ්‍ය අමාත්‍යවරයා වේ.

පසුගිය දශක දෙකක පමණ කාලයක් තිස්සේ මෙම පවුල බලයේ සිට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ වසර 10 ක කාලය තුළ 2009 දී ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය නිමා කරමින් දෙමළ කොටින් ලෙස හැඳින්වෙන කැරලිකරුවන් මර්දනය කළේය.

ඔහුගේ සහෝදරයන් ද එවකට ප්‍රධාන තනතුරු හෙබවීය.

යුද්ධයේ අවසාන භාගයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර ගෝඨාභය ජනාධිපතිවරයා එවකට ආරක්ෂක අමාත්‍යාංශයට නායකත්වය දුන් අතර චමල් පාර්ලිමේන්තුවේ කථානායකවරයා විය. බැසිල් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවදුරටත් බලය ලබා ගැනීමට කටයුතු කරමින් සිටිය දී 2015 වසරේ දී ඔහුගේ රජය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සිය සහෝදරයින්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාර දෙකෙහිම වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර පවුල තුළ ප්‍රායෝගික උපායමාර්ගිකයෙකු ලෙස සැලකේ.

සමහර විශ්ලේෂකයින් සහ විපක්ෂ දේශපාලනඥයන් ඔහුගේ පත්වීම විග්‍රහ කරන්නේ ආර්ථිකය හා අතෘප්තිය විසඳීම සඳහා හදිසි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව අනෙක් සහෝදරයින් විසින් පිළිගෙන ඇති ලෙසයි.

කෙසේ වෙතත් එක් රාජපක්ෂවරයෙකුට නොහැකි නම් තවත් රාජපක්ෂවරයකු ලෙස පවුල් ව්‍යාපාරයක් ආකාරයෙන් රට පාලනය කරන බව විපක්ෂ දේශපාලන මතදාරීන් පෙන්වා දී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කරයි.

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව පහතින්,

https://www.nytimes.com/2021/07/10/world/asia/sri-lanka-basil-rajapaksa.html

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...