27 C
Colombo
Tuesday, December 17, 2024

මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද ප්‍රසිද්ධියට

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිශන් සභාව පවසනවා.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාරදීමට ලබාදී තිබු කාලය පසුගිය දෙසැම්බර් මස 6 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

එම කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කරන ලද අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 7412 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාර දී තිබෙනවා.

මැතිවරණ කොමිශන් සභාව සදහන් කළේ ස්වාධීන කණ්ඩායම්වලින් තරග කරන ලද අපේක්ෂකයින් 690 දෙනාගෙන් 493 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාර දී ඇති අතර ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 527 දෙනාගෙන් 434 දෙනෙකු වාර්තා බාරදී ඇති බවයි.

ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

කන්ටේනර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා

දඹුල්ල - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර මහවැලි හන්දියේ අද (17) දින අලුයම කන්ටේනර් රථයක් මතට අඹ ගසක් කඩා වැටීම හේතුවෙන් රථයට බරපතළ හානි...

පැවරුණු වගකීම ගැන නව කථානායකගෙන් ප්‍රකාශයක්

ජනතා අභිලාෂ හා අපේක්ෂාවන් මුදුන්පත් කිරීම සඳහා වැදගත් මෙන්ම භාර භාරදූර කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අන් කවරදාටත් වඩා පාර්ලිමේන්තුවට පැවරී ඇති බව නව කථානායක...

අර්චුනාට ආයේ ඉස්පිරිතාලේ එන්න පුළුවන් ලෙඩෙක් විදියට විතරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යම් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙනත් හේතුවකට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලුවීමට උත්සහ කරන්නේ නම් වහාම ඔහු අල්ලා පොලිසියට බාර දෙන...

POPULAR ARTICLES

Breaking : නව කථානායක මෙන්න

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න. මහතා තේරී පත්වී තිබෙනවා. ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීයි. නව කථානායකවරයා වෙනුවෙන්...