28.1 C
Colombo
Sunday, April 6, 2025

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

- Advertisement -

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු ලබන ප්‍රතිලාභ වල වටිනාකම් ඉහල නංවමින් එම යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස 2025-03-17 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය අංක 2429/02 දරන හා 2025-03-24 දින අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

එකී සංශෝධිත අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන  අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මීගමුව රෝහලේ සිදුවීම ගැන පරීක්ෂා කරන්න විශේෂ වෛද්‍ය මණ්ඩලයක්

මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය මස 31 වැනි...

මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කැඳවයි

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ...

වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධව...

POPULAR ARTICLES