26 C
Colombo
Monday, January 20, 2025

නිදහස් දිනයේ උතුරු-නැගෙනහිර හර්තාල්..!

- Advertisement -

75 වැනි නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනි දා උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කටයුතු කොට තිබෙනවා.

ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන එදින එයට විරෝධය පළ කිරීමක් ලෙස සියලු ම වෙළෙඳසැල් වසා දමා ඒවායේ කළු කොඩි ඔසවන ලෙසට ජනතාවගෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටිනවා.

ජාතික නිදහස් දිනයට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල විරෝධතා පෙළපාලි රැසක් සංවිධානය කොට ඇති අතර නිදහස් දිනය දා යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පාගමනක් ද පැවැත්වීමට කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වනවා.

ශිෂ්‍ය සංගමය විසින් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට නිවේදනය කරන්නේ, පෙබරවාරි 4 වැනි දා පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන දා එම ප්‍රදේශවල සියලු කටයුතු නවතා දැමිය යුතු බවටයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව ෆේල්

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එමෙන්ම ආණ්ඩුවේම මැති...

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

වරාය නිසා බිමල් කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව...

POPULAR ARTICLES

අමෙරිකාවේ 47 ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා. දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන්...