24 C
Colombo
Monday, March 17, 2025

2040 දී ගගනගාමියෙක් හඳට යවන්න ඉන්දියාවෙන් සැලසුමක්

- Advertisement -

2040 වසර වන විට සඳ මතට ගගනගාමියෙකු යැවීමට අපේක්ෂා කරන බව ඉන්දීය රජය පවසනවා.

එමෙන්ම 2035 වසර වන විට ඉන්දියාව තුළ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අඟහරුවාදා (17) දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම සැලසුම් පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී සිකුරු සහ අඟහරු ග්‍රහයන් වෙත යෑමටද මෙහෙයුම් කටයුතු සූදානම් කරන ලෙස ඔහු විද්‍යාඥයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

අගෝස්තු මාසයේදී ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට පත්වූ අතර සැප්තැම්බර් මාසයේදී එරටින් සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා රොකට්ටුවක් දියත් කර තිබුණා.

මේ වන විට,  ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය  වන ඉස්රෝ (Isro),  ගගන්යාන් ( Gaganyaan)  නම් ව්‍යාපෘතියකද කටයුතු ආරම්භ කර ඇති අතර මිනිසුන්ගෙන් සමන්විත කණ්ඩායමක්  කිලෝමීටර් 400 ක (සැතපුම් 248) කක්ෂයකට යවා ඔවුන් ආරක්ෂිතව යළි ඉන්දීය මුහුදට ගොඩ බැස්වීම් එම ව්‍යාතියේ අරමුණ වී තිබෙනවා.

එළඹෙන සෙනසුරාද දින ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය මඟින් මෙම මෙහෙයුමේ ප්‍රධාන පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, 2024 වසරේ අවසාන භාගයේ දියත් කිරීමට නියමිත මිනිස් කණ්ඩායමක් කක්ෂයක් මතට රැගෙන යාමේ මෙහෙයුම සිදු කිරීමට පෙර රොබෝවෙක් රැගෙන අභ්‍යවකාශයට පිවිසීම සම්බන්ධ පරීක්ෂණයක්ද සිදු කිරීමට ඉන්දියාව සූදානමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබිමක්

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති...

සාමාන්‍ය පෙළ විභාගය අදයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට...

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

POPULAR ARTICLES

හවස වහිනවා

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ...

මිදිගම වෙඩි තැබිමක්

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති...

සාමාන්‍ය පෙළ විභාගය අදයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට...