ඉන්දීය රුපියල් කෝටි 979ක් වැය කර ඉදි කළ එරට දිගින් වැඩිම කේබල් පාලම සුදර්ශන් සේතු පාලම අද (25) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මහජන අයිතියට විවෘත කරනු ලැබුවා.
ගුජරාට්හි ඕකා වරාය නගරයත් බේයත් ද්වාර්කා දූපතත් යා කරන පාලමේ මුළු දිග කිලෝ මීටර් 2.3ක්.
බේයත් ද්වාර්කා දූපතේ පිහිටි ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් ඉදි කළ සුප්‍රකට ද්වර්කා කෝවිල වෙත යාම පහසු කිරීමට මෙම පාලම ඉදි කර තිබෙනවා.