කැනඩාවේ පාර්ලිමන්ට් හිල් හි පැවැත්වීමට නියමිතව තිබූ දීපවාලි උත්සවයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ සිද්ධිය මුල් කරගෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිෂ්වාල් ඊට දැඩි ලෙස ප්‍රතිචාරයක් ද දක්වා තිබුණා.
ඔහු එය හඳුන්වා දී ඇත්තේ ඉහළ මට්ටමේ නොඉවසීම සහ අන්තවාදයක් ලෙසයි.
කැනඩාවේ පාර්ලිමන්ට් හිල් හි දීපවාලි සැමරුම් අවලංගු කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් අමතමින් ජයිස්වාල් පවසා තිබුණේ, ඉන්දියාව ඒ සම්බන්ධයෙන් පළවූ වාර්තා දුටු බවත්, අවාසනාවකට, කැනඩාවේ පවතින නොඉවසීම සහ අන්තවාදය ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි.
කැනේඩියානු විපක්ෂ නායක පියරේ පොයිලි වර් විසින් ඔක්තෝබර් 30 වන දින ඔටාවා හි පාර්ලිමන්ට් හිල් හිදී පැවැත්වීමට නියමිතව තිබූ දීපවාලි සැමරුම් අවලංගු කර තිබුණා.
පසුගිය වසරේ ඛාලිස්තානි බෙදුම්වාදී හදීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධ බවට කැනඩාව චෝදනා කිරීමෙන් පසු රටවල් දෙක අතර ඉහළ යන රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් මධ්‍යයේ ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඔහුට ඉන්දියානු ප්‍රජාවෙන් විශාල විරෝධයක් එල්ල වී තිබෙනවා.