28 C
Colombo
Saturday, October 5, 2024

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

- Advertisement -

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා.

ඒ ලකුණු 13කින් ඉන්දියාව පරාජයට පත් කරමින්.

ද තරගයේ සිම්බාබ්වේ Harare Sports Club, Harare හිදී ආරම්භ වූ අතර, කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව, පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.

Clive Madande ලකුණු 29ක්ද, Dion Myers ලකුණු 23ක්ද, Brian Bennett ලකුණු 22ක්ද, Wessly Madhevere ලකුණු 21 ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Ravi Bishnoi කඩුලු 04ක්ද, Washington Sundar කඩුලු 02ක්ද, Avesh Khan සහ Mukesh Kumar එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

අනතුරුව ලකුණු 116 ක තරම් පහසු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ දැඩි ලෙස අසරණ වෙමින් පන්දුවාර 19යි පන්දු 05ක් හමුවේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 102 ක් පමණයි.

නායක Shubman Gill ලකුණු 31ක්ද, Washington Sundar ලකුණු 27ක්ද, Avesh Khan ලකුණු 16 ක් පමණක් වන අතර, වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවට හෝ ලඟා වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

Tendai Chatara Sikandar Raza කඩුලු 03 බැගින්ද, Brian Bennett, Wellington Masakadza, Blessing Muzarabani සහ Luke Jongwe එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...