25 C
Colombo
Saturday, November 9, 2024

IMF ණය ගැනීමේදී ඉන්දියානු සහය විශිෂ්ටයි..! – අලි සබ්රි

- Advertisement -

මෙරට ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සමඟ පැවති සාකච්ජා සාර්ථක වූ අතර ඉදිරි සති දෙක සහ මාස හතරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක ආධාර ලබා දීමට එකඟ වූ බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

ඒ මාර්ගගත ක්‍රමයට ඊයේ (22) දින මාධ්‍ය අමතමින්.

සෞඛ්‍ය,ආහාර සහ පොහොර සඳහා එම ආධාර ලැබෙන අතර ඉන්දියාව සමඟ පැවති සකච්ජාවද ඉතා සාර්ථක බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ.

තවදුරටත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආධාරයක් ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත් වාර්තා වනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ජා සාර්ථක කර ගැනීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


RECENT ARTICLES - SINHALA

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයින් 11ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව අත්අඩංගුවට පුද්ගලයන් අතර අපේක්ෂකයින් 11 දෙනෙක්ද සිටින බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඊයේ (08)...

ඡන්ද කාඩ් නැති අයට දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන්...

අද හවස ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව...

POPULAR ARTICLES