ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා.
නොවැළැක්විය හැකි හේතූන් මත එසේ එම සංචාරය අවලංගු වී ඇති බවයි පැවසෙන්නේ.
“සැප්තැම්බර් 2 සිට 3 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇත. අලුත් දින වකවානු පසුව තීරණය කරනවා” යනුවෙන් ඉන්දීය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටිනවා.