26.8 C
Colombo
Friday, March 28, 2025

ඉන්දීය ජාතික යෝගී පටෙල්ට වසර 04 ක සිරදඬුවම්

- Advertisement -

2024 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ලෙජන්ඩ් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු Kandy Samp Army කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට මාතලේ මහාධිකරණය විසින් වසර 04 ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් මිලියන 85ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම නඩුවේ පැමිණිලිකාර උපුල් තරංග මහතා වෙත රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළා.

මෙම විත්තිකරු මේ වනවිට අධිකරණය මඟහැර රටින් පලාගොස් සිටින අතර ඔහු නොමැතිව මෙම නඩු විභාගය පැවැත්වුණා.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු ද නිකුත් කර තිබෙනවා.

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

2024 වසරේ මහනුවර, පල්ලකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ලේජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංග මහතාට ක්‍රිකට් තරග පාවාදීම සඳහා යෝජනා කිරීම තුළින් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ග්‍රාමීය රෝහල්වලටත් විශේෂඥ වෛද්‍යවරු

 ග්‍රාමීය රෝහල්වලටද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, දැනට විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මක...

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය...

සඟවා තිබු ගිනි අවියක් සොයාගෙන

පාළු ඉඩකම වළදමා තිබූ පිස්තෝල අවියක් සහ එම පතොරම් ගැබ් 02ක් සොයාගෙන තිබෙනවා. ඊයේ (27) සවස් කාලයේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද...

POPULAR ARTICLES