ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා.
ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, 1996 දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් මුණගැසීම සතුටුදායක අවස්ථාවක් වූ බවයි..
අරවින්ද ද සිල්වා ,සනත් ජයසූරිය, චමින්ද වාස්, උපුල්න් චන්දන ඇතුළු 1996 ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් කිහිප දෙනෙකු මේ සඳහා සහභාගී වී තිබුණා.
කෙසේවෙතත්, ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම් නායක අර්ජුන රණතුංග මහතා මේ වනවිට විදේශගතව සිටින බැවින් මෙම හමුවට එක්ව නැහැ.