ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තුන්දින නිල සංචාරයක් සඳහා අද(04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වෙන්නේ හෙට(05) පෙරවරුවේදීය.
එම උත්සවය නිදහස් චතුරශ්‍රෙය්දී සංවිධාන කර තිබෙනවා.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.
එහිදි දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තබනු ඇති.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධිය වැඳ පුදා ගැනීමට ද නියමිතයි.
සාම්පූර්හී ඉදි කෙරෙන සූර්ය විදුලි බලාගාරය සඳහා මෙන්ම ඉන්දීය ආධාර යටතේ මහව සිට අනුරාධපුර දක්වා ඉදි කෙරෙන දුම්රිය සංඥා පද්ධතියේ වැඩ ආරම්භ කිරීම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසනවා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.