31 C
Colombo
Saturday, March 29, 2025

රෝහිත් එක්ක ඉන්දියන් ටීම් එකේ අමුතු ලෝක වාර්තාව

- Advertisement -

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වැඩිම වාර ගණනක් කාසියේ වාසිය පරාජය වූ නායකයා බවට පත්වීමේ ලෝක වාර්තාව පිහිටුවීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා සැරසෙයි.

ඊයේ (09) ඩුබායිහිදී පැවැත්වු ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේ දී රෝහිත් කාසියේ වාසිය පරාජය වූ අතර, එය ඔහු එක්දින තරගවලදී කාසියේ වාසියඅඛණ්ඩව පරාජය වූ 12වන තරගයයි.

ඒ අනුව රෝහිත් ජාත්‍යන්තර එක්දින පිටියේ අඛණ්ඩව වැඩිම තරග සංඛ්‍යාවක් කාසියේ වාසිය පරාජය වූ බ.ඉ. කොදෙව් හිටපු නායක බ්‍රයන් ලාරා හා සමතැන් ගත්තා

මෙය පිරිමි එක්දින තරගවලදී ඉන්දියාව ද කාසියේ වාසිය අඛණ්ඩව පරාජය වූ 15වන අවස්ථාව වනවා.

ඔවුන් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු මේ දක්වා ක්‍රීඩාකළ සෑම තරගයකදීම කාසියේ වාසිය පරාජය වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දැනටමත් කාසියේ වාසිය අඛණ්ඩව පරාජය වූ රටට හිමි වාර්තාව තමන් සතුකරගෙන සිටිනවා.

මෙහි දෙවන ස්ථානය පසුවන්නේ නෙදර්ලන්තයයි.

ඔවුන් 2011- 2013 කාලසීමාවේ අඛණ්ඩව තරග 11ක් කාසියේ වාසිය පරාජය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මරදානේ චොප්පෙගෙ පුතා අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට බැණ  මරණ තර්ජන කිරීම හේතුවෙන් ඊයේ...

විදේශිකයින්ට අස්‍යභය දර්ශන බෙදාහැරි තරුණයෙකු අත්අඩංගුවට

ළමුන් සම්බන්ධ අස්‍යභය දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා බෙදා හරින ලද තරුණයෙකු රාගම ප්‍රදේශයේදී ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට...

Wild Cookbook යූ ටියුබ් ඉතිහාසය අලුතින් ලියයි

YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන 'Wild Cookbook' ඊයේ (28) සිය...

POPULAR ARTICLES