26 C
Colombo
Thursday, May 1, 2025

ඉන්දියානු යූරියා පැළ ගොයමට ගහන්න එපා, විෂයි..! – අනුර

- Advertisement -

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත යූරියා පොහොර විෂ සහිත බවත් ඒවා පැළ ගොයමට භාවිතා නොකරන්නැයි කෘෂි විද්‍යාඥයෙකු තමන්ට උපදෙස් දුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක
පවසනවා.

ඒ, පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,

“මේ පොහොර ප්‍රශ්නය සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ ගොවි පවුල් ලක්ෂ 16ක් ඉන්නවා. ඒගොල්ලොන්ගෙ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය. අපේ රටේ කර්මාන්තවලින් 25%ක් කෘෂිකර්මාන්තය පදනම් වෙච්ච කර්මාන්ත. අපේ රටේ ජාතික ආර්ථිකයට 7%ක් දෙන්නෙ කෘෂිකර්මාන්තය. මේ විශාල ක්ෂේත්‍රයක් අපේ ආර්ථිකයේ. අපේ ආහාර සුරක්ෂිතතාවය හදන්නෙ කෘෂිකර්මාන්තයෙන්. මොකක්ද කළේ ? 2021 අප්‍රේල් 28 වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගන්නවා රසායනික පොහොර නතර කරන්න. මැයි 06 වෙනිදා ගැසට් නිවේදනයක් ගහනවා. කුඹුරු පාළුවට යනවා, ගොවි ජනතාව හූල්ලනවා.

දැන් ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 60,000ක් දෙන්න එකඟවෙලා තිබෙනවා. ඒකට කැබිනට් පත්‍රිකාවක් එනවා. ඒ කැබිනට් පත්‍රිකාවට අනුව ලංකාවේ තිබෙන්න ඕනෙ සංයුතියට වඩා වැරදි සංයුතියක් තමයි ඉන්දියාවෙ තිබෙන්නෙ. ලංකාවේ ප්‍රමිතියට අනුව තියෙන්න ඕනෙ 1% යි. දැන් ගේන පොහොරවල තියෙනවා 1.5%ක්. මං ඔබට ඒ කැබිනට් පත්‍රිකාවේ අඩංගුවත් පෙන්වන්නම්. අපේ ප්‍රමිති ආයතනය විසින් සකස් කරලා තිබෙන සම්පූර්ණ ප්‍රමිතිය උල්ලංඝනය කරලා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙනවා.

හෙට මේ පත්‍රිකාව සාකච්ඡාවට ගන්නවා කැබිනට් මණ්ඩලයේ. මොකක්ද කියන්නෙ ? ලංකාවට ගේන යූරියාවල තියෙන්න ඕනෙ බයියුරේට් 1% යි, හැබැයි ඉන්දියාවෙන් ගේන මේ පොහොරවල බයියුරේට් තියෙනවා 1.5%ක්. එතකොට මොකක්ද කියන්නෙ ? දැන් අපි මේ පොහොර ගෙනත් දෙන්නම්, අපට පොහොර අවශ්‍යතාවයක් ඇතිව තිබෙනවා, ගෙනාවෙ නැත්නම් මේක කඩාවැටෙනවා, ඒ නිසා බයියුරේට් වැඩි ප්‍රතිශතයක් තියෙන පොහොර හරි ගේමු, හැබැයි කියනවා ගොයම්වලටයි බඩඉරිඟුවලටයි විතරක් ගහන්න, වෙන මොකටවත් ගහන්න එපා කියලා. ලංකාවේ ප්‍රධාන කෘෂි විද්‍යාඥයෙකුට මම කතා කළා, එතුමා කිව්වා ගොයම්වලට ගහනවා නම් පැළ ගොයමට ගහන්න එපා කියලා. පැළ ගොයමට ගැහුවොත් මුල් විශාල ලෙස කුණුවීමේ ඉඩක් තියෙනවා කිව්වා. දැන් මොකක්ද කරලා තිබෙන්නෙ ? අන්තිමට සිද්ධ වෙලා තිබෙන්නෙ මොකක්ද, වසවිස වෙනදාටත් වඩා වැඩි පොහොර ගේන්න සිද්ධ වෙලා තියෙනවා”

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

POPULAR ARTICLES