27 C
Colombo
Wednesday, October 23, 2024

ඉන්දියානුවන් එන්නත්කරණයට විරුද්ධ වේ. ප්‍රමිතියෙන් තොර එන්නත් ලබා දෙන්නේ යැයි සැකයක්

- Advertisement -

ව්‍යාජ ප්‍රකාශ සහ වැරදී වැටහීම් හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වැසියන් එන්නත් ලබා දෙන සෞඛ්‍ය නිලධාරීන් පලවා හැරීමට කටයුතු කර තිබෙනවා.

ගම්වාසීන් සෞඛ්‍ය කණ්ඩායම් සමඟ ගැටුම් ඇති කර ගත් අවස්ථා කිහිපයක් ද ඒ අතර වාර්තා වුණා.

බිහාර්හි ගම්මාන කිහිපයකම වැසියන් එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බව සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවා.

එන්නත ලබා ගැනීමෙන් මියයතැයි බොහෝ පිරිසකගේ විශ්වාසය වී තිබෙනවා.

එන්නත හේතුවෙන් මියයාමට සිදුවුවහොත් සිය දරුවන් ඇතුළු පවුල අසරණ වෙතැයි සෞඛ්‍ය අංශ වෙත විරෝධය දක්වමින් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම හොඳ තත්වයේ එන්නත් අපනයන කර ප්‍රමිතියෙන් තොර එන්නත් තමන්ට ලබා දෙන බවට ද ඔවුන් රජය වෙත සහ සෞඛ්‍ය අංශ වෙත චෝදනා කරමින් සිටිනවා.

එන්නත් හේතුවෙන් වඳභාවය ද ඇති විය හැකි බවට දුර්මත පැතිර යාම සහ තවත් කටකතා ප්‍රාන්තයේ අඛණ්ඩ එන්නත්කරණ ක්‍රියාවලියට විශාල තර්ජනයක් වී ඇති බව පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...