දකුණු ආසියාතික රටවල් කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කළ ද, දෙමුහුන් ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඉන්දියාවට ඉන් බලපෑමක් නොමැති බව ඉන්දීය කොවිඩ් 19 ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපති එන්.කේ. අරෝරා පවසයි.
කෙසේවෙතත්, ඉන්දියාව මේ සම්බන්ධයෙක් තවදුරටත් විමසිලිමත් විය යුතු බව ද වෛද්‍ය අරෝරා අනතුරු අඟවා තිබේ.
ඉන්දියාව පසුගිය දින තුනේදී සාමාන්‍යයෙන් දෛනිකව කෝවිඩ් ආසාදිතයන් 150 ක් පමණ වාර්තා කළ අතර කිසිදු මරණයක් වාර්තා කර තිබුණේ නැත.
වෛද්‍ය අරෝරා පවසන්නේ මෙහිදී ජාන නිරීක්ෂණවල ගුණාත්මක භාවය පිළිබඳව පූර්ණ ලෙස සුපරීක්ෂාකාරී විය යුතු බවයි.
පසුගිය මාස තුන තුළ රෝගීන් ක්‍රමයෙන් අඩු වී ඇති අතර එය දිනකට රෝගීන් 500 සීමාවට අඩු වී තිබේ.
දිනකට පරීක්ෂණ 2,00,000ක් සිදු කරන අතර ඇතැම් දිනවල මරණ 5ත් 10ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද ඇතැම් විට මරණ පවා වාර්තා නොවන බව සදහන් වේ.
දකුණු ආසියාතික රටවල් කිහිපයක් රෝගීන් වාර්තා කළත් දෙමුහුන් ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඉන්දියාවට බලපෑමක් එල්ල වී නැතැයි වෛද්‍ය අරෝරා වැඩිදුරටත් පැවසීය.