කොවිඩ්-19 රෝගියකු මියගොස් ඇතැයි පැවසීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකුට අමානුෂික ලෙස පහර දීමක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ හොජයි දිස්ත්‍රික්කයේ කොවිඩ් සත්කාර මධ්‍යස්ථානයක සේවය කළ සියුජ් කුමාර් නමැති වෛද්‍යවරයකු ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලයට මියගිය තැනැත්තාගේ ඥාතීන් මෙසේ පහර දී තිබේ.
පසුගිය වසරේ ඉන්දියාවේ වසංගතය ආරම්භ වූ දා සිට කොවිඩ් රෝගීන්ගේ පවුල් විසින් වෛද්‍යවරුන්ට සිදුකළ පහරදීම් අවස්ථා ගණනාවක දී ම වාර්තා විය.
මෙම සිදුවීම්වලට එරෙහිව දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීම සහ ඔවුන් මත ඇති පීඩනය සමනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෛද්‍යවරු මේ වන විට වැඩවර්ජනයකට අවතීර්ණ වී තිබේ.