ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 27වනදා සිට ඔක්තොබර් මස 5වනදා දක්වා තලවතුගොඩදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
වසර 21කට පසු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගීවනු ඇති.
මෙම තරගාවලිය විවෘත පිරිමි, විවෘත කාන්තා, වයස අවුරුදු 22න් පහළ පිරිමි සහ කාන්තා කාණ්ඩ ලෙස කාණ්ඩ 4ක් ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා
1995 වසරේදී පළමුවරට එංගලන්තයේ සත්කාරකත්වය යටතේ ආරම්භ කරනු ලැබූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව 2004 වසරේදී සත්කාරකත්වය ලබාදෙන ලදී.
Related

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත පුහුණු තරග දෙකෙන් පළමු තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ නෙදර්ලන්තයට එරෙහිවයි. මෙම තරගය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල්හි Central Broward Stadium ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.…

2024 දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සටහන ලෝක ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත්කර තිබෙනවා. 15 වැනි වරටත් පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර එම තරගාවලිය 2024 ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 04 වනදා දක්වා පැවැත්වෙනවා. මෙම තරගාවලියේදී…

ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා - පාකිස්ථාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. තරගාවලිය අගෝස්තු මස 31 වනදා සිට සැප්තැම්බර් මස 17 වනදා දක්වා පැවැත්වෙන බවද එම කවුන්සිලය අද (15) නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 04ක්…