ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක රැස්වී සම්භාෂණයක් පවත්වා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වන මුවාවෙන් මෙම සම්භාෂණය පවත්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එහිදී මත්පැන් පානය කර ඇතැයි ද වාර්තා වේ.
මෙම සම්භාෂණය සඳහා සියලු වියදම් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැය වී ඇති අතර එය විශාල මුදලක් යැයි ද හෝටලයේ ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘නිව්ස් 19’ට පැවැසුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අදාළ හෝටලයේ පැවැති නමුත් එහිදී මත්පැන් පානය නොකළ බවය.
ශ්‍රි ලංකාවේ කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා වු වගකිම පවරනු ලැබ ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයයි.
එය කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා යටතේ ක්‍රියාත්මක වේ.