25 C
Colombo
Friday, October 25, 2024

ආර්ජන්ටිනාවේ උද්ධමනය තවත් ඉහළට

- Advertisement -

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ලතින් අමෙරිකානු ආර්ජන්ටිනාවේ වාර්ෂික උද්ධමනය ජුනි මාසයේදී සියයට 115 ඉක්මවා තිබෙනවා.

එබැවින් ආර්ජන්ටිනා වැසියන් සිය වියදම් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය පමණක් මිලදී ගැනීමට පෙළඹී ඇති බව වාර්තා වෙනවා.

එහිදී ඔවුන් මිල අඩු ආහාර ද්‍රව්‍ය සෙවීමට යොමු වී ඇති බවද සඳහන්.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, දැන් පවතින ප්‍රවණතාව ඉදිරියටත් ක්‍රියාත්මක වුවහොත් වසර අවසානය වනවිට ආර්ජන්ටිනාවේ උද්ධමනය සියයට 140 ඉක්මවා යනු ඇති බවයි.

පසුගිය වසර පුරාම පැවති ආර්ජන්ටිනාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් එරට ජනගහනයෙන් සියයට 40ක් දැන් දරිද්‍රතාවෙන් පෙළෙන ජන කොටසක් බවට පත්වී තිබෙනවා.

මේ අතර, ආර්ජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගිවිසගෙන ඇති ඩොලර් බිලියන 44ක ණය මුදල පිළිබඳ නැවත ඇගයීමේ සාකච්ඡාවක් මේ සතියේ පැවැත්වන බවට විදෙස් මාධ්‍ය පවසනවා.

රට තුළ උද්ධමනය ඉහළ යාමත්, ‘පෙසෝ’ විනිමය අවප්‍රමාණය වීමත්, දරුණු නියඟයෙන් කෘෂි අපනයන පහළ වැටීමත්, විදේශ සංචිතය පිරිහීමත් නිසා IMF ණය මුදල ආපසු ගෙවීමේ ක්‍රියාවලිය නැවත සැකසිය යුතු බවට ආර්ජන්ටිනාව ඉල්ලීමක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...