26 C
Colombo
Thursday, January 2, 2025

සජිත්ගේ ප්‍රශ්නය උදුරා ගත් අය ගැන පරීක්ෂණයක්

- Advertisement -

රට බංකොළොත් කිරීමට වගකිව යුතු අය සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී ඊට බාධා කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව කතානායකවරයා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රශ්නය ඉදිරිපත්  කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කෑ ගසමින් ගසමින් ඊට විරෝධය පළ කළ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට විපක්ෂ විපක්ෂනායකවරයා අසලට පැමිණීමට කටයුතු කර තිබුණා

ඒ අනුව,  ඒ අවස්ථාවේදී ඊට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27.2 යටතේ කථානායකවරයාගේ අවසරය යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කළ බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

ඊට පිළිතුරු ලෙස කථානායකවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

POPULAR ARTICLES