26.9 C
Colombo
Thursday, December 12, 2024

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්

- Advertisement -

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව විසින් ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙසද ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම සිදු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

බැංකු මූල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ආර්ථිකයෙහි සහ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන් සමස්තයක් ලෙස සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටද මෙහිදී අවධානයට යොමු ව තිබෙනවා.

මූල්‍ය පද්ධතිය තුළ පවතින සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති තවදුරටත් බලාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා වී තිබෙන බවයි පැවසෙන්නේ.

ආර්ථිකය ස්ථායී වීමත් සමග වත්කම්වල ගුණාත්මක භාවයෙහි ආරක්ෂිත වර්ධනයන් සහ විචක්ෂණශීලි ලෙස අවදානම් කළමනාකරණය කර ගනිමින් ප්‍රාග්ධනය ගොඩනැගීමත් සමග ඉදිරි මූල්‍ය පද්ධතියේ යහපත් කාර්ය සාධනයක් මෙමගින් අපේක්ෂා කෙරෙනු ඇති.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති...

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට ලැබුණු දඬුවම

බාලවයස්කාර දැරියක් (14) ගණිකා වෘත්තියේ යෙදවූ 31 හැවිරිදි අයෙකුට වසර 30 සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා. නියෝගය ලබා දෙමින් කොළඹ...

මාතර මිලියනපතියන්ටත් අස්වැසුම තියනවලු

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගිණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත්...

POPULAR ARTICLES