29 C
Colombo
Saturday, December 21, 2024

වැඩවර්ජන කරන අයව බුද්ධි අංශ දාලා හොයන්න ඕනෙ..! – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පවසයි

- Advertisement -

රටේ සිදුවන උද්ඝෝෂණ, වැඩවර්ජන පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව සොය බැලීමක් සිදුකළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා.

උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කරන්නේ සැබෑ ජනතා ප්‍රශ්න වෙනුවෙන්ද, වෘත්තීයවේදීන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ යාන්ත්‍රණයක්, කමිටුවක් පත්කළ යුතු බවත් උගතුන්, බුද්ධිමතුන් පමණක් නොව බුද්ධි අංශ පවා එම යාන්ත්‍රණයට ඇතුළත් කළයුතු බවත් අදාල යාන්ත්‍රණය පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරනවා.

වසර 72 ක් පුරා රට ආපස්සට යාම සඳහා උද්ගෝෂණ, වැඩවර්ජන ප්‍රබල හේතුවක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ වැඩවර්ජන, උද්ඝෝෂණ සිදුකරන පුද්ගලයන්ට රට ආපස්සට හැරවීමට තවදුරටත් ඉඩ ලබාදිය නොහැකි බවයි.


RECENT ARTICLES - SINHALA

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා...

අකුරැස්ස සමුපකාර ඡන්දයේ ජය නිතරඟයෙන් මාලිමාවට

අකුරැස්ස සමුපකාර ඡන්දය නිතරඟයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙනවා. අකුරැස්ස විවිධ සේවා  සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින...

POPULAR ARTICLES

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

ඉන්දීය ක්‍රිකට් තරුවක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතප්පා අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් ආයතනයක සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් සම්බන්ධයෙන්...

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා...