හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ සැමියාවන තිරුකුමාර් නඩේෂන් සම්බන්ධව මහත් ආන්දෝලනයක් ඇතිවූයේ ජාත්‍යන්තරයම කැළඹූ පැන්ඩෝරා පත්‍රිකා වල ඔවුන්ගේ නම් සඳහන් වූ හෙයිනි.
මේ සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.
අදාල චෝදනා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම පරික්ෂණය ආරම්භ කළ අතර එම පරීක්ෂණය අනුව තිරුකුමාර් නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ප්‍රකාශයක්ද ලබාදෙන ලදි.
අදාල අතුරු වාර්තාව ජනාධිපතිවරයාට ලබාදුන්නද ඒ පිළිබඳව විමර්ශන අඛණ්ඩව ඉදිරියට සිදුකෙරෙන බවයි පැවසෙන්නේ.