27.9 C
Colombo
Saturday, November 23, 2024

දිගම හයේ පහර එල්ල කළ කාශ්මීර විලෝ පිත්ත

- Advertisement -

ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ඕවර 50 ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් සුප්‍රසිද්ධ කාශ්මීර විලෝවලින් සාදන ලද ක්‍රිකට් පිති සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් 17 දෙනෙකු කාශ්මීර විලෝ පිත්ත භාවිතා කිරීමට නියමිත බව වාර්තා වේ.

GR8 Sports, දකුණු කාශ්මීරයේ Anantnag දිස්ත්‍රික්කයේ Sangam ප්‍රදේශයේ පිහිටා ඇති ක්‍රිකට් පිති නිෂ්පාදන සමාගමක් වන අතර, GR8 Sports හි හිමිකරු Fawzal Kabeer විසින් තහවුරු කරන ලද පරිදි, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය වැනි කණ්ඩායම් සඳහා මෙම පිති සපයනු ඇත.

සිම්බාබ්වේ හි පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕමානයේ ක්‍රීඩකයින් ද මෙම කාශ්මීර විලෝ පිත්ත භාවිතා කළහ.

ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් 2021 සහ 2022 දී පැවැත්වුණු T20 ලෝක කුසලාන තරඟාවලියේදී මෙම පිති භාවිත කිරීමත් සමග තමන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වූ බව Fawzal Kabeer පවසයි.

“UAE ක්‍රීඩක Junaid Siddiqui, ඕස්ට්‍රේලියාවේ පැවති ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීටර් 109 ක දිගම හයේ පහර එල්ල කිරීමෙන් පසුව, අප නිර්මාණය කරන ලද පිතිවල කීර්තිය තවත් ඉහළ ගියේය,” කබීර් පැවසීය.

කබීර් සහ ඔහුගේ කණ්ඩායම ප්‍රථම වරට සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ පවත්වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී GR8 ක්‍රීඩා පිති භාවිතා කරනු දැකීමට උද්යෝගයෙන් බලා සිටී.

“අපි බලාපොරොත්තු වෙනවා අපේ පිත්තෙන් නව වාර්තා පිහිටුවයි කියලා. අපේ පැතුම තමයි ක්‍රීඩකයන් හැම තරගයකදීම හයේ පහරවල් සහ හතරේ පහර ගණනාවක් එල්ල කරමින් අපේ පිත්ත භාවිතා කරමින් විශාල ලෙස ලකුණු ලබා ගැනීමයි.”

RECENT ARTICLES - SINHALA

සිලින්ඩරේට තවත් ලෙඩක්

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම...

අස්ගිරි පාර්ශ්වයෙන් රජයට විශේෂ ඉල්ලීමක්

භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙන පරිදි සියලු නිකායන්වල වගන්ති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අස්ගිරි...

තවම භාරදීලා නැති මන්ත්‍රී නිල නිවාසවලට වෙන දේ මෙන්න

මෙතෙක් භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජලය සහ විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඊයේ (22) පවස්වරුව වන විට හිටපු...

POPULAR ARTICLES