මැතිවරණ දිනයේ දී අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා වසා දැමීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.
ඒ, පාකිස්තානයේ සිදු විය හැකි කැලඹිලි තත්ත්වයන් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් පාලනය කිරීම සඳහායි.
විදෙස් මාධ්‍යය වාර්තා කළේ, ඡන්ද විමසීම හරහා ඇති විය හැකි අනපේක්ෂිත කැලඹිලි තත්ත්වයන් සඳහා පෙර සූදානමක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, මේ හරහා මිලියන 241ක පමණ ජනතාවක් සිටින පාකිස්තානුවන්ගේ අයිතිවාසිකම් කඩ වීමක් සිදු වන බවට විවිධ මත පළ වී තිබුණා.