30 C
Colombo
Wednesday, January 15, 2025

සනත් නිශාන්තගේ අනතුරට සම්බන්ධ තුන්වැනි වාහනය සොයා විමර්ශන අරඹයි

- Advertisement -

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා(25) සිදුවූ රිය අනතුරට සම්බන්ධ තුන්වන වාහනයක් තිබේද යන්න පිළිබඳව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටියේ කන්ටේනරයේ රියදුරු සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු විසින් තවත් තුන්වැනි වාහනයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස අධිවේගී මාර්ග පොලිසියට දන්වා ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ වාහනයේ සහ අනතුරට සම්බන්ධ කන්ටේනරයේ රියදුරන්ගේ ප්‍රකාශවලට අනුව, සහ පොලිස් පරීක්ෂණ අනුව අධිවේගී රිය පැදවීම, නොසැලකිලිමත්කම, දුර්වල වීදි ආලෝකය, තුන්වන වාහනයකට ඉඩ දීමට අසමත් වීම ඇතුළු සාධකවල එකතුවක් නිසා මෙම අනතුර සිදුව තිබෙනවා.

අමාත්‍යවරයාගේ රියදුරු වන ප්‍රභාත් එරංග 29 පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයා ඉක්මනින් නිවසට පැමිණීමට කැමැත්තෙන් සිටි බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 150ක අධික වේගයෙන් ගමන් කර ඇති අතර ඇතැම් අවස්ථාවලදී එම වේගයද ඉක්මවා ගොස් තිබෙන බවට පරීක්ෂණ වලින් අනාවරණය වු බවට වාර්තා වනවා.

අනතුරට පත් ජීප් රථය විදුලි පහන් දල්වා වෙනත් මෝටර් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කරන බව තමන් නිරීක්ෂණය කළ බවත් ඒ අනුව වාහන දෙකම අනතුරුදායක ලෙස ධාවනය වන බව වටහාගෙන තම වාහනය ද්විත්ව මංතීරු අධිවේගී මාර්ගයේ වම් පසට ගෙන ගිය බව ඇප මත මුදා හැරුණු කන්ටේනර් රථයේ රියදුරු පවසනවා.

කෙසේවෙතත් අනෙක් වාහනය ඔහුගේ කන්ටේනරය පසුකර යද්දී ජීප් රථය කන්ටේනරයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

තමා වම් පසින් අනෙක් මෝටර් රථයට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් කන්ටේනරය දුටු නමුත් බියෙන් වාහනය දකුණු පස මාර්ගයට ගෙන ඒමට නොහැකි වූ බවත් එය ඔහුට සමාන්තරව ගමන් කළ අනෙක් වාහනයේ ගැටී කන්ටේනරයේ හැපී ජීප් රථය කැරකෙමින් වම් පස යකඩ වැටේ වැදුනු බව අමාත්‍යවරයාගේ රියදුරු පොලිසියට පවසා තිබුණා.

අමාත්‍යවරයා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක අනුරාධ ජයකොඩි මහතා වහාම රාගම රෝහලට රැගෙන ගිය අතර එහිදී ඔවුන් ඇතුළත් කරන විටත් මියගොස් සිටිඅතර. රියදුරු ද එම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ප්‍රතිකාර ලබමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර...

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

POPULAR ARTICLES