29 C
Colombo
Saturday, January 4, 2025

කැළණි පාලමේ ඇණ ගැලවීමේ සිද්ධිය ගැන CIDයෙන් පරීක්ෂණයක්

- Advertisement -

නව කැළණි පාලමේ කෝටි 28ක ඇණ ගලවා ඇති බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදීයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ සඳහන් කළා.

“මේ ගැන පොලීසිය පරීක්ෂණයක් පැවැත්වූවා. අලාභය ගැන පොලිසියේ පැමිණිලි කරලා තියෙනවා. පාලමට විශේෂ ආරක්ෂාව යොදවලා තියෙනවා. ඇත්ත සංඛ්‍යා දත්ත පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදෙනවා. රේල්පාරෙ තියෙන පොඩි යකඩ කෑල්ල පවා ගලවා ගෙන යන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා.

රේල් පාරේ යකඩ ගැලෙව්වම දුම්රියක් වුණත් පෙරලෙන්න පුළුවන්. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.”

එහිදී අදහසක් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“මම මේ අහන්නේ ඇණ පිළිබඳ කතා වස්තුව. කුඩ්ඩන් ඇණ ගැලවීමේ කතා වස්තුව. කෝටි 28 කියන්නෙ යකඩ කිලෝ හැත්තෑ හත් ලක්ෂයක්. ඒ කියන්නේ ඇණ පහළොස් ලක්ෂයක් ගලවලා. දිනකට ඇණ සියයක් ගැලෙව්වොත් ඉවර කරන්න අවුරුදු විසි එකක් යනවා. දින පන්සිය අනූ නවයක් කුඩ්ඩො ඇණ ගැලෙව්වා නම් දිනකට ඇණ 1300ක් ගලවන්න ඕන.

උදේ හයේ ඉඳලා හවස හය වෙනකම් කූඩ්ඩො ටික එකතුවෙලා ඇණ ගැලෙව්වා නම් ඇණ දහයයි ගලවන්න පුළුවන්. මේ වගේ ඇණ පිළිබඳ කතා වස්තුවක් ඔබතුමාගේ ආචාර්ය උපාධියටවත් එන්නෙ නැතුව ඇති කියලා මම හිතනවා. ඇත්තටම මෙහෙම ඇණ ගලවලාද.”

RECENT ARTICLES - SINHALA

විදුලි සැර වැදී 14 හැවිරිදි සිසුවියක් මිය ගිහින්

විදුලි සැර වැදීම හේතුවෙන් පාසල් සිසුවියක් මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි මෙත්මි සිතුම් කුමාරි නම් 14 හැවිරිදි පාසල් සිසුවියක්. ඇය මවගේ...

ඉදිරි පැය 36යේ කාලගුණය ගැන නිවේදනයක්

ඉදිරි පැය 36 දී සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

Breaking: දුමින්ද සිල්වා ගැන සොයාබැලීමට වෛද්‍ය මණ්ඩලයක්

0
මේ වන විට බන්ධනාගාර ගතව පසුව රෝගී තත්ත්වයක් යැයි පවසමින් බන්ධනාගාර රෝහලේ සිටින දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇතැයි...

POPULAR ARTICLES

ගාසා තීරයට තවත් ප්‍රහාරයක් – 28ක් මරුට

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ තවත් ප්‍රහාරයකින් පලස්තීනුවන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දින දෙකේදී පමණක් එල්ල වූ ඊශ්‍රායල...

විදුලි සැර වැදී 14 හැවිරිදි සිසුවියක් මිය ගිහින්

විදුලි සැර වැදීම හේතුවෙන් පාසල් සිසුවියක් මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි මෙත්මි සිතුම් කුමාරි නම් 14 හැවිරිදි පාසල් සිසුවියක්. ඇය මවගේ...

ඉදිරි පැය 36යේ කාලගුණය ගැන නිවේදනයක්

ඉදිරි පැය 36 දී සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...